පාඨමාලා තොරතුරු

පශ්චාත් උපාධි අධ්‍යයන සඳහා ලියාපදිංචි කිරීම
2024 අධ්‍යයන වර්ෂය

පාලි හා බෞද්ධ අධ්‍යයන විෂය ක්ෂේත්‍රයේ පශ්චාත් උපාධි අධ්‍යයනය සඳහා ම ස්ථාපිත මෙම ආයතනය මගින් පහත දැක්වෙන පශ්චාත් උපාධි පාඨමාලා සඳහා 2024 ජනවාරි 10 දින තෙක් අයදුම්පත් කැඳවනු ලැබේ.

01.    පශ්චාත් උපාධි සහතිකපත්‍ර පාඨමාලා
02.    පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලා
03.    ශාස්ත්‍රපති උපාධි පාඨමාලා (එක් අවුරුදු හා දෑවුරුදු)
04.    පර්යේෂණ උපාධි (දර්ශනපති හා දර්ශන විශාරද)

මෙම පාඨමාලා 2024 පෙබරවාරි මස ආරම්භ වීමට නියමිතය. 

සිංහල මාධ්‍ය දේශන - මාර්ගගත (Online) තාක්ෂණය ඔස්සේ සහ ආයතන පරිශ්‍රයේ දී සති අන්ත දිනවල සහ / හෝ සතියේ දිනවල කාර්යාලයීය වේලාවෙන් පරිබාහිරව පැවැත්වීමට නියමිත ය.

ඉංග්‍රීසි මාධ්‍ය දේශන - මාර්ගගත (Online) තාක්ෂණය ඔස්සේ සහ ආයතන පරිශ්‍රයේ දී සතියේ දිනවල සහ සති අන්ත දිනවල ද පැවැත්වීමට නියමිත ය.

වර්ෂාවසාන විභාගය     - ආයතන පරිශ්‍රයේදී භෞතික ව පැවැත්වීමට නියමිත ය.

01. පශ්චාත් උපාධි සහතිකපත්‍ර පාඨමාලා

01.1 Certificate Course in English for Buddhist Studies

මෙය ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වෙන පාඨමාලාවකි.
 
  ඇතුළත් වීමේ අවම සුදුසුකම්: 
 
i. පිළිගත් විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබා තිබීම හෝ ආයතනයේ පීඨ සභාව විසින් පිළිගනු ලබන වෙනත් සුදුසුකමක් ලබා තිබීම
පාඨමාලා ගාස්තුව : රු. 20,000.00 *
 
01.2 පශ්චාත් උපාධි බෞද්ධ අධ්‍යයනය සඳහා පාලි සහතිකපත්‍ර පාඨමාලාව 
(වර්ෂ එකයි)
ඇතුළත් වීමේ අවම සුදුසුකම් : 
 
මෙම පාඨමාලාවට ඇතුළත් වීම සඳහා පාලි භාෂාව පිළිබඳ පූර්ව දැනුමක් අත්‍යවශ්‍ය නොවන අතර
ලියාපදිංචිය අපේක්ෂා කරන විද්‍යාර්ථීන් පහත දැක්වෙන සුදුසුකම්වලින් එකක් හෝ සපුරා තිබිය යුතුය.
 
i. පිළිගත් විශ්වවිද්‍යාලයකින් කවර හෝ උපාධියක් ලබා තිබීම
ii. ඉහත සඳහන් සුදුසුකමට සමාන යැයි ආයතනයේ පීඨ සභාව විසින් පිළිගනු ලබන 
වෙනත් සුදුසුකමක් ලබා තිබීම
පාඨමාලා ගාස්තුව : රු. 30,000.00 *

01.3 පශ්චාත් උපාධි බෞද්ධ අධ්‍යයනය සඳහා ත්‍රිපිටක මූලාශ්‍රය අධ්‍යයනය පිළිබඳ
 (කෙටිකාලීන) සහතිකපත්‍ර පාඨමාලාව
ඇතුළත් වීමේ අවම සුදුසුකම් :
 
මෙම පාඨමාලාවට ඇතුළත් වීම සඳහා පාලි භාෂාව පිළිබඳ පූර්ව දැනුමක් අවශ්‍ය නොවන අතර ලියාපදිංචිය අපේක‍ෂා කරන විද්‍යාර්ථීන් පහත දැක්වෙන සුදුසුකම්වලින් එකක් හෝ සපුරා තිබිය යුතු ය.
 
i. පිළිගත් විශ්වවිද්‍යාලයකින් කවර හෝ උපාධියක් ලබා තිබීම
ii. ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ අවසාන පරීක්ෂණයෙන් සමත් වීම
iii. ඉහත සඳහන් සුදුසුකම්වලට සමාන යැයි ආයතනයේ පීඨ සභාව විසින් පිළිගනු ලබන වෙනත්
සුදුසුකමක් ලබා තිබීම
 
පාඨමාලා ගාස්තුව : රු. 25,000.00 *
01.4 පශ්චාත් උපාධි බෞද්ධ අධ්‍යයනය සඳහා චීන සහතික පත්‍ර පාඨමාලාව 
(වර්ෂ එකයි)
මෙය ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වෙන පාඨමාලාවකි.
 
  ඇතුළත් වීමේ අවම සුදුසුකම් : 
 
i. පිළිගත් විශ්වවිද්‍යාලයකින් කවර හෝ උපාධියක් ලබා තිබීම 
ii. ඉහත සඳහන් සුදුසුකමට සමාන යැයි ආයතනයේ පීඨ සභාව විසින් පිළිගනු ලබන වෙනත් සුදුසුකමක් ලබා තිබීම
 
පාඨමාලා ගාස්තුව : රු. 30,000.00 ෆ
02. පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලා
02.1 පාලි අධ්‍යයන පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාව (වර්ෂ එකයි)
ඇතුළත් වීමේ අවම සුදුසුකම් :
මෙම පාඨමාලාවට ඇතුළත් වීම සඳහා බුදුසමය පිළිබඳ මූලික දැනුමක් සහ පාලි භාෂාව පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් තිබීම මූලික අවශ්‍යතාවක් වේ. කවර හෝ විෂයකින්/විෂයයන්ගෙන් පිළිගත් විශ්වවිද්‍යාලයකින් ප්‍රථම උපාධියක් ලබා ඇති පුද්ගලයෙකු පහත සඳහන් අවශ්‍යතා සපුරා තිබේ නම් මෙම පාඨමාලාවට ඇතුළත් වීම සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබයි.
 
i. ශී්‍ර ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ ප්‍රාචීන ප්‍රාරම්භ පරීක්ෂණයෙන් සමත් වීම හෝ අධ්‍යයන 
පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයේ දී පාලි භාෂාවට සම්මාන සාමර්ථ්‍යයක් ලබා තිබීම
හෝ
ii. බෞද්ධ ධර්මාචාර්ය විභාගයේ දී පාලි භාෂාව සඳහා සාමර්ථ්‍යයක් ලබා තිබීම
හෝ
iii. ආයතනය විසින් පවත්වනු ලබන පශ්චාත් උපාධි බෞද්ධ අධ්‍යයනය සඳහා පාලි සහතික පත්‍ර
 පාඨමාලාව සමත් වීම
හෝ
iv. ඉහත සඳහන් සුදුසුකමට සමාන යැයි ආයතනයේ පීඨ සභාව විසින් පිළිගනු ලබන වෙනත්
සුදුසුකමක් ලබා තිබීම
 
පාඨමාලා ගාස්තුව : රු. 35,000.00 *

02.2 බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාව (වර්ෂ එකයි)
ඇතුළත් වීමේ අවම සුදුසුකම් : 
 
මෙම පාඨමාලාවට ඇතුළත් වීමට බලාපොරොත්තු වන අයදුම්කරුවකු පහත සඳහන් සුදුසුකම්වලින් යටත් පිරිසෙයින් එකක් හෝ සපුරා තිබිය යුතු ය.
 
i. පිළිගත් විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබා තිබීම
ii. ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ අවසාන පරීක්ෂණයෙන් සමත් වීම
iii. ඉහත සඳහන් සුදුසුකම්වලට සමාන යැයි ආයතනයේ පීඨ සභාව විසින් පිළිගනු ලබන වෙනත් සුදුසුකමක් ලබා තිබීම
 
පාඨමාලා ගාස්තුව : රු. 35,000.00-
 
02. 3 බෞද්ධායුර්වේද උපදේශන පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාව (වර්ෂ එකයි)
ඇතුළත් වීමේ අවම සුදුසුකම් : 
මෙම පාඨමාලාවට ඇතුළත් වීමට බලාපොරොත්තු වන අයදුම්කරුවකු පහත සඳහන් සුදුසුකම්වලින් යටත් පිරිසෙයින් එකක් හෝ සපුරා තිබිය යුතු ය.
 
i. පිළිගත් විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබා තිබීම
ii. ආයුර්වේද ශාස්තී්‍ර ඩිප්ලෝමාව සමත් වීම හා වසර පහකට නොඅඩු ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් ලබා තිබීම
iii. ශී්‍ර ලංකා පොලිස් සේවයේ වසර 10ක අවම නොකැළැල් සේවා කාලයක් සපුරණ ලද සේවය ස්ථීර කර ඇති උපපොලිස් පරීක්ෂක ශ්‍රේ‚යේ හෝ ඉන් ඉහළ ශ්‍රේ‚යක නිලධරයෙකු වීම
iv. ඉහත සඳහන් සුදුසුකම්වලට සමාන යැයි ආයතනයේ පීඨ සභාව විසින් පිළිගනු ලබන වෙනත් සුදුසුකමක් ලබා තිබීම
 
පාඨමාලා ගාස්තුව : රු. 75,000.00 * 
03. ශාස්ත්‍රපති උපාධි පාඨමාලා (එක් අවුරුදු හා දෑවුරුදු)
03.1.1 පාලි අධ්‍යයන ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව
 ඇතුළත් වීමේ අවම සුදුසුකම් : 
මෙම පාඨමාලාවට ඇතුළත් වීම සඳහා බුදුසමය පිළිබඳ මූලික දැනුමක් ද පාලි භාෂාව පිළිබඳ ප්‍රවීණතාවක් ද මූලික අවශ්‍යතා වේ. මෙම පාඨමාලාවට ඇතුළත් වීමට බලාපොරොත්තු වන විද්‍යාර්ථීන් පහත සඳහන් සුදුසුකම්වලින් යටත් පිරිසෙයින් එකක් හෝ සපුරා තිබිය යුතු ය.
 
i. පිළිගත් විශ්වවිද්‍යාලයකින් පාලි විෂයයෙන් ශාස්ත්‍රවේදීරැවිශේෂ උපාධිය ලබා තිබීම
ii. පාලි උප විෂය සහිත ව විශේෂ උපාධියක් හෝ පාලි විෂය සහිත ව සාමාන්‍ය උපාධියක් හෝ ලබා තිබීම
iii. ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ අවසාන විභාගය සමත් වීම
iv. විද්‍යෝදය හෝ විද්‍යාලඞ්කාර හෝ පිරිවෙන්වල අවසාන සහතිකපත්‍ර විභාගය සමත් වීම
v. පිළිගත් විශ්වවිද්‍යාලයක/ආයතනයක පාලි පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව සමත් වීම
vi. ඉහත සඳහන් සුදුසුකම්වලට සමාන යැයි ආයතනයේ පීඨ සභාව විසින් පිළිගනු ලබන වෙනත් සුදුසුකමක් ලබා තිබීම
පාඨමාලා ගාස්තුව : රු. 40,000.00 *
 
03.1.2 පාලි අධ්‍යයන ශාස්ත්‍රපති උපාධිය (දෑවුරුදු) 
    ඇතුළත් වීමේ අවම සුදුසුකම් : 

පාලි අධ්‍යයන ශාස්ත්‍රපති උපාධිය (දෑවුරුදු) සඳහා ඇතුළත් වීමට බලාපොරොත්තු වන අයදුම්කරුවෙකු පහත සඳහන් සුදුසුකම් සපුරා තිබිය යුතුය.

i.   පිළිගත් විශ්වවිද්‍යාලයක පාලි විෂයයෙන් විශේෂ/ගෞරව ශාස්ත්‍රවේදී උපාධි පරීක්ෂණයෙන් පළමු හෝ දෙවන පෙළ (ඉහළ) ශ්‍රේ‚යක් ලබා සමත් වීම

ii.   ඉහත දැක්වෙන සුදුසුකම්වලට සමාන යැයි ආයතනයේ පීඨ සභාව හා විශ්වවිද්‍යාලයේ සනාතන සභාව විසින් පිළිගනු ලබන වෙනත් සුදුසුකමක් ලබා තිබීම

පාඨමාලා ගාස්තුව : රු. 40,000.00 * (පළමු වර්ෂය සඳහා)
පාඨමාලා ගාස්තුව : රු. 30,000.00 * (දෙවන වර්ෂය සඳහා)

03.2.1 බෞද්ධ අධ්‍යයන ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව 
ඇතුළත් වීමේ අවම සුදුසුකම් : 

මෙම පාඨමාලාව සඳහා ඇතුළත් වීමට බලාපොරොත්තු වන අයදුම්කරුවකු පහත සඳහන් සුදුසුකම්වලින් යටත් පිරිසෙයින් එකක් හෝ සපුරා තිබිය යුතු ය.

i.   පිළිගත් විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබා තිබීම 
ii.   පිළිගත් විශ්වවිද්‍යාලයකින්/ආයතනයකින් ලබාගත් බෞද්ධ අධ්‍යයනය/පාලි පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබා තිබීම
iii.  ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ අවසාන පරීක‍ෂණයෙන් සමත් වීම
iv.  පිළිගත් විශ්වවිද්‍යාලයක/ආයතනයක බෞද්ධ ආයුර්වේද උපදේශනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සමත්වීම
v.  ඉහත සඳහන් සුදුසුකම්වලට සමාන යැයි ආයතනයේ පීඨ සභාව විසින් පිළිගනු ලබන වෙනත් සුදුසුකමක් ලබා තිබීම
පාඨමාලා ගාස්තුව : රු. 40,000.00 *

03.2.2 බෞද්ධ අධ්‍යයන ශාස්ත්‍රපති උපාධිය (දෑවුරුදු) 
ඇතුළත් වීමේ අවම සුදුසුකම් : 

බෞද්ධ අධ්‍යයන ශාස්ත්‍රපති උපාධිය (දෑවුරුදු) සඳහා ඇතුළත් වීමට බලාපොරොත්තු වන අයදුම්කරුවෙකු පහත සඳහන් සුදුසුකම්වලින් යටත් පිරිසෙයින් එකක් හෝ සපුරා තිබිය යුතුය.

i. පාලි/බෞද්ධ අධ්‍යයනය/බෞද්ධ දර්ශනය/බෞද්ධ සංස්කෘතිය/බෞද්ධ ශිෂ්ටාචාරය/බෞද්ධ මනෝවිද්‍යාව/බෞද්ධ උරුමය/සංචාරක කර්මාන්තය හා භාරතීය දර්ශනය යන විෂයයන් අතරින් එක් විෂයයකින් පිළිගත් විශ්වවිද්‍යාලයක විශේෂ/ගෞරව ශාස්ත්‍රවේදී උපාධි පරීක්ෂණයෙන් පළමු හෝ දෙවන පෙළ (ඉහළ) ශ්‍රේණියක් ලබා තිබීම

ii. සංස්කෘත, බටහිර දර්ශනය හෝ මනෝවිද්‍යාව යන විෂයයකින් විශේෂ/ගෞරව ශාස්ත්‍රවේදී උපාධියක් හදාරා අවසන් වසර නිබන්ධය බෞද්ධ අධ්‍යයනය, බෞද්ධ දර්ශනය, බෞද්ධ සංස්කෘතිය, බෞද්ධ ශිෂ්ටාචාරය යන විෂයයක් හා සම්බන්ධ මාතෘකාවක් යටතේ සිදුකොට තිබීම

iii.  ඉහත දැක්වෙන සුදුසුකම්වලට සමානයැයි ආයතනයේ පීඨ සභාව හා විශ්වවිද්‍යාලයේ සනාතන සභාව විසින් පිළිගනු ලබන වෙනත්  සුදුසුකමක් ලබා තිබීම

iv.  උක්ත සුදුසුකම් සපුරා නොමැති අවස්ථාවක දී කිසියම් ශිෂ්‍යයෙකු දෑවුරුදු ශාස්ත්‍රපති උපාධි පාඨමාලාවේ පර්යේෂණ නිබන්ධය සඳහා බෞද්ධ අධ්‍යයනයෙහි විශේෂ ප්‍රවීණතාවක් ඇති බව පෙන්වන්නේ නම්, එබදු ශිෂ්‍යයෙකු සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිට සුදුසුකම් ලැබීමෙන් අනතුරු ව දෑවුරුදු ශාස්ත්‍රපති උපාධි පාඨමාලාවට ඇතුළත් වීමට සුදුසුකම් ලබන්නේ ය.

පාඨමාලා ගාස්තුව : රු. 40,000.00 * (පළමු වර්ෂය සඳහා)
පාඨමාලා ගාස්තුව : රු. 30,000.00 * (දෙවන වර්ෂය සඳහා)

03.3 බෞද්ධ උපදේශන ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව (වර්ෂ එකයි)
ඇතුළත් වීමේ අවම සුදුසුකම් :

i. මෙම ආයතනය විසින් පවත්වනු ලබන බෞද්ධායුුර්වේද උපදේශන පශ්චාත් උපාධි ඩිප්ලෝමා පරීක්ෂණය සමත් වීම
ii.    ශ්‍රී ලංකාවේ හෝ විදේශයක පිළිගත් ආයතනයකින් ආයුර්වේද වෛද්‍ය උපාධිය ලබා තිබීම
iii.   බෞද්ධ දර්ශනය, බෞද්ධ සංස්කෘතිය, පාලි, සංස්කෘත යන විෂයයකින් ශාස්ත්‍රවේදී විශේෂ උපාධියක් හෝ යටත් පිරිසෙයින් එකී විෂයයන් අතරින් එක් විෂයයක් ඇතුළත් වන සේ ලබාගත් ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධියක් සමග උපදේශනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් හෝ රජය පිළිගත් උපදේශන සහතිකපත්‍ර පාඨමාලාවක් ලබා තිබීම.
iv.  මනෝවිද්‍යාව, උපදේශනය, දර්ශනය හෝ සමාජවිද්‍යාව පිළිබඳ විශේෂ උපාධියක් හෝ බටහිර වෛද්‍ය විද්‍යාව පිළිබඳ ව පිළිගත් විශ්වවිද්‍යාලයකින් උපාධියක් හෝ ලබා තිබීම 
v.  පිළිගත් විශ්වවිද්‍යාලයකින් කවර හෝ විෂයයකින් ලබාගත් උපාධියක් සමග විශ්වවිද්‍යාලය සහ රජය පිළිගත් ආයතනයක වර්ෂ 03ක අඛණ්ඩ උපදේශන වෘත්තීය පළපුරුද්ද ලබා තිබීම.

පාඨමාලා ගාස්තුව : රු. 100,000.00 *

*පාඨමාලාවල සමස්ථ පිරිවැයෙන් 25%ක් පමණක් ශිෂ්‍යයාගෙන් අය වන පරිදි ගාස්තු නිර්ණය කර ඇත. එම පාඨමාලා ගාස්තුවට ලියාපදිංචි ගාස්තු, පුස්තකාල ගාස්තු, සහ විභාග ගාස්තු ද ඇතුළත් ය. එක් වරම හෝ වාරික වශයෙන් ගෙවීමට හැකිය. ආපසු ගෙවනු ලබන පුස්තකාල තැන්පතුව ලෙස රු. 4000.00ක් අමතර ව ගෙවිය යුතුය.

    උක්ත ඉගැන්වීම් පාඨමාලා සඳහා උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට අනියම් ශිෂ්‍යයෙකු ලෙස සහභාගි විය හැකි අතර එහිදී පරීක්ෂණ සඳහා පෙනී සිටීම අවශ්‍ය නොවේ. (කොන්දේසි සහිතයි.)

    පාඨමාලා සඳහා ඇතුළත් කරගනු ලබන අවම හා උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව ආයතනය විසින් තීරණය කරනු ලැබේ. එක් එක් පාඨමාලාව සඳහා සුදුසුකම් සපුරන ලද අයදුම්පත් ප්‍රමාණවත් සංඛ්‍යාවක් ලැබී තිබීමට යටත්ව පාඨමාලා ආරම්භ කිරීම සිදු කරනු ලැබේ.


04.  පර්යේෂණ උපාධි 
පර්යේෂණ උපාධි ස`දහා වන ඉල්ලූම්පත් පෞද්ගලිකව පැමිණ භාරදිය යුතුය. වර්ෂය පුරා ඉල්ලූම්පත් භාරගනු ලැබේ.


04.1 දර්ශනපති උපාධිය (වර්ෂ දෙකයි)
ඇතුළත් වීමේ අවම සුදුසුකම් : 

පර්යේෂණ උපාධි අධ්‍යයනයක් සඳහා අයදුම් කරන විද්‍යාර්ථීයෙකු= පහත දැක්වෙන සුදුසුකම් අතරින් යටත් පිරිසෙයින් එකක් හෝ සපුරා තිබිය යුතු ය:

i.  පාලි හා බෞද්ධ අධ්‍යයන ක්ෂේත්‍රයට අයත් විෂයයකින් පිළිගත් විශ්වවිද්‍යාලයක ශාස්ත්‍රපති උපාධි පරීක්ෂණයෙන් සමත් වීම
ii. බෞද්ධ අධ්‍යයනය, බෞද්ධ දර්ශනය, බෞද්ධ සංස්කෘතිය, බෞද්ධ ශිෂ්ටාචාරය, භාරතීය දර්ශනය, බටහිර දර්ශනය, සමය අධ්‍යයනය, සිංහල, පුරාවිද්‍යාව, ඉතිහාසය, මනෝවිද්‍යාව, සමාජවිද්‍යාව, පාලි, සංස්කෘත, සම්භාව්‍ය චීන භාෂාව, සම්භාව්‍ය තිබ්බතීය භාෂාව හෝ බෞද්ධ අධ්‍යයන ක්ෂේත්‍රයට අදාළ වෙනත් විෂයයකින් හෝ ශී්‍ර ලංකාවේ පිළිගත් විශ්වවිද්‍යාලයක සාමාන්‍ය ශාස්ත්‍රවේදී හෝ විශේෂ/ගෞරව ශාස්ත්‍රවේදී හෝ උපාධි පරීක්ෂණයෙන් පළමු හෝ දෙවන පෙළ (ඉහළ) ශ්‍රේ‚යක් ලබා සමත් වීම
iii.  විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් ශී්‍ර ලංකාවේ විශ්වවිද්‍යාලයක ඉහත (i) හෝ (ii) යටතේ සඳහන් කවර හෝ විෂයයක් හදාරා ලබාගත් සාමාන්‍ය හෝ විශේෂ/ගෞරව ශාස්ත්‍රවේදී උපාධියක පළමු හෝ දෙවන පෙළ (ඉහළ) ශ්‍රේ‚යට සමානයැයි ආයතනය විසින් පිළිගනු ලබන සුදුසුකම් විදේශීය රටක විශ්වවිද්‍යාලයකින් ලබා තිබීම සහ එම සහතික රාජ්‍ය තාන්ති්‍රක මට්ටමින් සහතික කර තිබීම

iv. ඉහත (i) හෝ (ii) යටතේ සඳහන් කවර හෝ විෂයයක් හදාරා ලබා ගත් සාමාන්‍ය හෝ විශේෂ/ගෞරව ශාස්ත්‍රවේදී උපාධියක් පළමු හෝ දෙවන පෙළ (ඉහළ) ශ්‍රේ‚යට සමානයැයි ආයතනය විසින් පිළිගනු ලබන සුදුසුකම් විදේශීය රටක විශ්වවිද්‍යාලයකින්/ආයතනයකින් ලබා තිබීම සහ එම සුදුසුකම් විදේශීය රාජ්‍ය තාන්ති්‍රක මට්ටමින් සහතික කර තිබීම

v.  ඉහත දැක්වෙන සුදුසුකම්වලට සමානයැයි ආයතනයේ පීඨ සභාව හා විශ්වවිද්‍යාලයේ සනාතන සභාව විසින් පිළිගනු ලබන වෙනත් සුදුසුකමක් ලබා තිබීම

පාඨමාලා ගාස්තුව : රු. 55,000.00 ** ( එක් වර්ෂයකට )

04.2 දර්ශන විශාරද උපාධිය (වර්ෂ තුනයි)
ඇතුළත් වීමේ අවම සුදුසුකම් : 

i.    පාලි හා බෞද්ධ අධ්‍යයන ක්ෂේත්‍රයට අයත් විෂයයකින් පිළිගත් විශ්වවිද්‍යාලයක දෑවුරුදු ශාස්ත්‍රපති ( පර්යේෂණ) උපාධියක් හෝ දර්ශනපති උපාධියක් හෝ ලබා තිබීම

ii.    බෞද්ධ අධ්‍යයනය, බෞද්ධ දර්ශනය, බෞද්ධ සංස්කෘතිය, බෞද්ධ ශිෂ්ටාචාරය, පාලි හෝ බෞද්ධ අධ්‍යයන ක්ෂේත්‍රයට අදාළ වෙනත් විෂයයකින් හෝ ශී්‍ර ලංකාවේ පිළිගත් විශ්වවිද්‍යාලයක විශේෂ/ගෞරව ශාස්ත්‍රවේදී උපාධි පරීක්ෂණයෙන් පළමු පන්ති සාමර්ථ්‍යයක් ලබා තිබීම (එසේ වුවද විද්‍යාර්ථීයාගේ පර්යේෂණ ශක්‍යතාව සලකා බැලීමට යටත් වේ)

iii.    ඉහත (i) හෝ (ii) යටතේ සඳහන් කවර හෝ විෂයයක් හදාරා විශේෂ/ගෞරව ශාස්ත්‍රවේදී (පළමු පෙළ) උපාධියකට හෝ දෑවුරුදු ශාස්ත්‍රපති (පර්යේෂණ) උපාධියකට හෝ දර්ශනපති උපාධියකට හෝ සමාන යැයි ආයතනය විසින් පිළිගනු ලබන සුදුසුකම් විදේශීය රටක විශ්වවිද්‍යාලයකින්/ආයතනයකින් ලබා තිබීම සහ එම සුදුසුකම් විදේශීය රාජ්‍ය තාන්ති්‍රක මට්ටමින් සහතික කර තිබීම

iv.    ඉහත දැක්වෙන සුදුසුකම්වලට සමානයැයි ආයතනයේ පීඨ සභාව හා විශ්වවිද්‍යාලයයේ සනාතන සභාව විසින් පිළිගනු ලබන වෙනත් සුදුසුකමක් ලබා තිබීම

ඉහත සඳහන් සුදුසුකම් නොමැති, එහෙත් බෞද්ධ/පාලි අධ්‍යයන විෂය ක්ෂේත්‍රයෙහි ශාස්තී්‍රය කාර්යයන්හි නිරත වීමෙන් බෞද්ධ අධ්‍යයන ක්ෂේත්‍රයට අපූර්ව දායකත්වයක් ලබාදී ඇතැයි සැලකෙන විද්‍යාර්ථීන්ට ද පර්යේෂණ උපාධි අධ්‍යයනය සඳහා අයදුම් කළ හැකි වන අතර, එම ඉල්ලීම් ආයතනයේ අධ්‍යයන අංශ කමිටුව හා පීඨ සභාව විසින් සලකා බලා තීරණය කරනු ඇත.


පාඨමාලා ගාස්තුව : රු. 67,500.00 ** ( එක් වර්ෂයකට )
 
**  පාඨමාලා ගාස්තුවට ලියාපදිංචි ගාස්තු, පුස්තකාල ගාස්තු, සහ විභාග ගාස්තු, ඇතුළත් ය. එක්වරම හෝ වාරික වශයෙන් හෝ ගෙවීමට හැකිය. ආපසු ගෙවනු ලබන පුස්තකාල තැන්පතුව ලෙස රු. 6000.00ක් අමතර ව ගෙවිය යුතු ය.

    ශාස්ත්‍රපති, දර්ශනපති හා දර්ශන විශාරද උපාධි අධ්‍යයන සඳහා පූර්ණ කාලීන හා අර්ධ කාලීන වශයෙන් ලියාපදිංචි විය හැකිය. අදාළ නිර්දේශ සඳහා ශිෂ්‍ය අත්පොත හෝ ආයතන වෙබ් අඩවිය බලන්න.


අයදුම්පත් ආයතන කාර්යාලයෙන් සහ වෙබ් අඩවියෙන් ලබාගත හැකි අතර පශ්චාත් උපාධි සහතිකපත්‍ර, පශ්චාත් උපාධි ඩිප්ලෝමා සහ ශාස්ත්‍රපති උපාධි පාඨමාලා අයදුම්පත් සඳහා රුපියල් 500.00 ක් ද දර්ශනපති හා දර්ශන විශාරද උපාධි පාඨමාලා අයදුම්පත් සඳහා රුපියල් 1000.00 ක් ද අයකරනු ලැබේ. 

අයදුම්පත් තැපැල් මගින් ලබාගන්නේ නම් මහජන බැංකුවේ තිඹිරිගස්යාය ශාඛාවේ අංක 086-100181189664 දරන පාලි  හා  බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ ගිණුමට, අදාළ මුදල බැර කරල බැරපත හා ලිපිිනය ලියූ :9” ං 4” ප්‍රමාණයේ- මුද්දර කවරයක්  සම`ග ආයතනය වෙත යොමු කළ යුතුයි. වෙබ් අඩවියෙන් ලබා ගන්නා අයදුම්පත් ද, අදාළ අයදුම්පත් ගාස්තුව ඉහත සඳහන් ගිණුමට බැර කර එම බැර පත සමඟ යොමු කළ යුතුය.  
සැ.යු. අයදුම්පත් සම`ග පාඨමාලාවට අදාළ බ`දවා ගැනීමේ සුදුසුකම් තහවුරු කෙරෙන සහතිකපත්/සේවා සහතිකවල පිටපත් අමුණා එවිය යුතුය.
අයදුම්පත් තැපැල් ම`ගින් යොමුකිරීමේදී අයදුම් කරනු ලබන පාඨමාලාවේ නම ලිපි කවරයේ වම් පස ඉහළ කෙළවරේ නිවැරදිව ස`දහන් කළ යුතුය.

ග්ලෝරියස් සන් ශිෂ්‍යත්ව :(Glorious Sun Scholarships)

ශාස්ත්‍රපති පාඨමාලා ස`දහා ශිෂ්‍යත්ව 15 ක් සහ දර්ශනපති හා දර්ශන විශාරද පාඨමාලාව ස`දහා ශිෂ්‍යත්ව 06 ක් පිරිනැමේ. ඒ ස`දහා අයදුම්පත් වාර්ෂිකව කැ`දවනු ලැබේ. 

දේශීය සිසුන් සඳහා මාසික ව මූල්‍යාධාරයක් ලබා දීමට ද අපේක්ෂිතය. (කොන්දේසි සහිතයි.)

වැඩි විස්තර ස`දහා ආයතනයේ වෙබ් අඩවිය භාවිත කරන්න http://www.pgipbs.kln.ac.lk


අයදුම්පත් ලබාගැනීම හා නැවත යොමු කිරීම
                                                                                                                                                                                                                                                                                 



 

Connect with us

Postgraduate Institute of Pali and Buddhist Studies,977/5,University Drive,Bulugaha Junction, Kelaniya

  • dummy   +94113051085 | +94112809322

  • dummy   +94112809320/22

  • dummy pgipbs@sltnet.lk

PGIPBS on Map

Search